Translate My Page

Thursday, February 6, 2014

ඇති තරම් පොත් නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න....!

හදිස්සියේම හමු වුන අපූරු වෙබ් අඩවියක් ගැන කියන්න හිතුනා.

මෙම අඩවිය තුල ඉංග්‍රීසි භාශාවෙන් ලියවුනු පොත් දහස් ගණනක් තියෙනව. ඒ 

සියලුම පොත් නොමිලයේම භාගත කර ගැනීමේ පහසුව එහි තිබෙනව. කිසිම අය 

කිරීමක් හෝ පමාවක් නොමැතිව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකියි. 

(ලියාපදිංචි නොවී වුවද පොත් ඩව්න්ලෝඩ් කර ගත හැකියි.)


මෙහි ඇති වඩාත් සුවිශේෂී වගේම සිත් ගන්නා සුලු ලක්ශණය වන්නේ අපට 

අවශ්‍යය විදිහට වර්ග (ebook formats) ගණනාවකින් අවශ්‍යය පොත ඩවුන්ලෝඩ් 

කර ගැනිමේ පහසුකම සලසා දී තිබීම.

එනම් ඔබ පරිඝනකයෙන් පොත් කියවන්නේ නම්, පොත pdf වර්ගයෙන් ඩවුන්ලෝඩ් 

කර ගත හැක. 

එමෙන්ම ඔබේ දුරකථනය java මෘදුකාංග වලට සහයෝගය දක්වන්නක් නම්, ඔබට 

අවශ්‍යය පොත කුඩා මෘදුකාංගයක (in-build ebook reader) ආකාරයෙන් දුරකථනය 

තුලට ඩවුන්ලෝඩ් කර ගත හැක. 

එමගින් ඔබට බසයක, දුම් රියක ගමන් කරන විට වුවද අපහසුවකින් තොරව පොත 

කිය වීමට හැකිය!

මේ හැර, epub, pdb, fb2, mobi, prc, pdf custom, pdf large print, zip, HTML 

custom, rtf, jar, zTXT, txt යන ආකාර වලින්ද පොත් ඩවුන්ලෝඩ් කර ගත හැක.


ඉතිං පමා නොවී මෙම වෙබ් අඩවියට ගොස් ඔබ කියවීමට සිහින දකිමින් සිටි ඔබේ 

ප්‍රියතම පොත් එහි ඇත්දැයි බලා ඩව්න්ලෝඩ් කරගෙන රස විදින්න

http://manybooks.net

 

 

No comments:

Post a Comment