Translate My Page

Tuesday, January 28, 2014

ලොව වටා CCTV හැක් කරමු



ඔන්න ඉතින් තව පොඩි කුප්පියක් අරගෙන ආවා.. පොඩි කුප්පියක් කිව්වට මේකෙත් අමුතුම ගතියක් තියනවා.. මොකෝ කියන්නේ ඕනෑම කෙනෙකුට ලෝකේ වටේ තියන CCTV ගෙදර ඉදන්ම බලන්න පුළුවන් චාන්ස් එකක් දෙනවා කිව්වොත්... ම්ම්ම්ම් එහෙමද ආස.. :D ලොලේ ලොල් කියල එහෙනම් අද කුප්පියෙන් දෙන්න යන්නේ එක එක තැන්වල තියන CCTV වලින් බලන්නේ කොහොමද කියලයි.. ඈ ඈ .. එතකොට ආව හිනාව නේද.. ඇති ඇති පැණි හිනාව.. යාපනේ ඉදලා හම්බන්තොටට පේනවා.. :D හරි එහෙනම් මෙන්න මෙහෙමලු වෙන්නේ හරිද.. මේක වෙන්නේ ඔන්ලයින් හොදද.. නැතුව ඉතින් Live CCTV අහවල් විදිහට බලන්නද නේද ... :D 

බීච් වල, හොටෙල් වල, රෙස්ටෝරන්ට් වල, මහා පාරවල්වල, පාක් වල, නයිට් ක්ලබ් වල(ත් ඇති :D) එහෙම තියන CCTV,LiveCam විවිධ ආරක්ෂක හා වෙනත් හේතු උඩ සජීවීව අන්තර්ජාලයට යොමු කරලා තියනවා.. ඔන්න අපි කොරන්ට හදන්නේ අන්න එව්වට හොම්බ දාන එකයි... අනුන්ගේ එව්වට හොම්බ දාද්දීත් අමුතුම පාට පාට ගතියක් තියනවනේ.. :D එහෙනම් වැඩේ පටන්ගමු නේද ? 

දැනට ඉතින් ලංකාවේ කියල CCTV තියෙන්නේ කොලොම්පුරේ විතරනේ.. තව ඉස්සරහට මුළු ලංකාවේම වැඩ කෑලි ගෙදර ඉදලම බලාගන්න පුළුවන් වේවි..

  Click.. Search Result එකින් එක බලන්නකෝ.. එක එක CCTV හම්බ වෙයි..

එහෙම නැතිනම් අපේ සයිබර් දෙයියා Google වෙතට ගිහින් පහල තියන ටික කොටන්න.. එතකොට එන Result වලින් තියෙන්නේ ඔය කලින් කිව්ව CCTV තමා.. පොඩ්ඩක් කරක් ගහල හොයාගන්න පුළුවන් අවශ්‍ය දේවල්... (මමනම් දන්නේ නෑ මොනවද කියලා) 

මෙන්න තියනවා Type කරන්න ඕන ටික..
inurl:view/index:shtml

Friday, January 24, 2014

සැලලිහිණි සංදේශය

ආසී 
සැරදෙ සුලකළකුරු  මියුරු තෙපලෙන් රඳනා    
රජකුල රහසැ මැතිනිය  සියනිහි සැළලිහිණි සඳ    

සැපදුක් විමසුම්

පුල් මල් කෙසරු මෙන්  රන්වනි තෙලෙ සරණ යුග    
සපුමල් කැලෙව් තුඬ මඳ රතිනි මනහර    
නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර    
මලින් කළ රූවෙව්  එබැවින් නුබින් එන වර    

නිලූ ද ළද සිදඹුවො දිගු වරල නිලූ    
නිලූ ද වට බිඟු පෙළ අද තඹර නිලු    

වනදෙව් ලියෝ නොකොළොද සවන  අබරණ?
එනමග දුකෙක් නොවී ද සබඳිනි    කලණ
සෙනහස බැඳුණු තැනැ නොහරින කැරැ දියුණ
වෙන සැප කුමට තොප දකිනා එමපමණ?

ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි    පැමිණි
සැප රිසි දෙන වැනි රස බසැති    සිතුමිණි
තොප දැකුමෙන් අප පින් කළ බවදැනිණි


Comment Box is loading comments...

Wednesday, January 22, 2014

පණ ඇති සතුන් ප්‍රතිමා බවට හරවන අරුම පුදුම විලක්

උතුරු ටැන්සානියාවේ කෙන්යාවේ දේශ සීමාවට ආසන්නව පිහිටි නැට්රෝන් විල අරුම පුදුම විලකි. යම් හෙයකින් එම විලේ ජලයට සතකු හෝ කුරුල්ලකු හෝ ඇද වැටුණොත් උන් ක්ෂණික මරණයට පත්වනවා පමණක් නොව ගලින් තැනුණු පිළිමයක් බවට පත්වන්නේය.
නැට්රෝන් විල පරාදීසයක් සේ දිස්වන නමුත් එය අතිශයින් දරුණු ආගාධයකි. එහි ජලය අධික ලවණ බවකින් යුක්ත වන අතර සමහර අවස්ථාවලදී එහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 140 දක්වා වැඩි වේ. එසේම PH 9 ත් PH 10.5 අතර ක්ෂාරීය ගුණයෙන් යුක්ත වීම මෙම විල තවත් දරුණු ස්ථානයක් බවට පත්කර ඇත.
මෙම විලේ ජල පෝෂණය වන්නේ දකුණු ඉවාසෝ ඇන්ජිරෝ ගංගාවෙනි. ඛනිජ ද්‍රව්‍ය මිශ්‍ර උණු දිය උල්පත්වලින් ද පෝෂණය වන මේ විල අඩි 9.8 ක් ගැඹුරුය. එසේම ජල ක‍ඳේ ප්‍රමාණය අනුව පළල වෙනස් වන්නේය. බොහෝ විට නැට්රෝන් විලේ ජලය දැඩි වාෂ්පි කරණයට භාජනය වීම හේතුවෙන් මිශ්‍ර ලවණ හා නැට්රෝන් නම්වූ ඛනිජ වර්ගයේ මිශ්‍රණයක් මෙම ජලයේ රැඳී ඇත. එසේ ම අඩු වර්ෂාපතනය හේතුකොට ගෙන ඉහත කී තත්ත්වය ඝන දියර තත්ත්වයකට පත්වන්නේය.
නැට්රෝන් විලේ පවතින ලවණමය පරිසරය නිසා එම තත්ත්වයට ගැළපෙන අන්දමේ ක්ෂුද්‍ර ජීවින් මෙහි ඇතිවන අතර එම ක්ෂුද්‍ර ජීවින් රතු පැහැයක් දරන නිසා විලේ ජලය ද රතු පැහැයක් ගෙන ඇත.
සතුන් හා කුරුල්ලන් අල්ලා ගැනීමට සිටින මේ ජල රකුසා පිළිබඳව බොහෝ සත්තු දනිති. බොහෝ සත්තු මේ විල් අවට ප්‍රදේශයේ සැරීම අත්හැර ඇතත් ඒ අවට කූඩු තනාගෙන සිටින ෆ්ලෙමින්ගෝ කුරුල්ලෝ මේ රකුස් විලේ ප්‍රතිමා බවට පත්වෙති.
නැට්රෝන් විලේ පවතින නැට්රෝන් ඇතිවන්නේ සෝඩියම් කාබොනේට් හා සෝඩියම් බයිකාබොනේට් මිශ්‍රණයෙනි. එය සුදු පැහැයෙන් හෝ පැහැයක් රහිත වේ. ඇතැම් විට ලා දුඹුරු හෝ කහ පැහැයක් ද දැකිය හැකි වේ. විලේ ජලය වාෂ්ප වීම හා එම ප්‍රදේශයේ පිහිටි ගිනිකඳු වලින් පිටවෙන අළු සමඟ මිශ්‍ර වීම නිසා නැට්රෝන් විල ප්‍රතිමා තනන කර්මාන්ත ශාලාවක් ලෙස හඳුන්වාලිය හැකිය.



පණැති පිළිරූ බවට පත්වූ පක්ෂීන්
Comment Box is loading comments...

අපායේ දොරටුව බලන්න! අරුම පුදුම ගිනි වළක්!

අපායේ දොරටුව බලන්න යන්න එන්න! බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධයක එන දර්ශනයක් වාගෙයි.

ඒත් මේ යෝධ ගිනි වළ ඇත්තේ කාරාකුම් කාන්තාරයේ මැදයි. මෙය සක්වළ ජීවීන් පෘථිවියට කළ පහරදීමකින් පසු සෑදුණු එකක් නොවෙයි.

මෙය මීට වසර 40කට පෙර භූවිද්‍යාඥයන් විසින් ඇති කළ එකක්. එදා සිට මේ දක්වා ගිනි ගෙන දැවෙනවා. නිවා දමන්න ඒ කිසිවකුටත් හැකි වී නැහැ.

එන්න, බලන්න යන්න රුසියාවේ තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස්වලට. ‘අපායේ දොරටුව’ යනුවෙන් මෙහි ප‍්‍රදේශවාසීන් හඳුන්වන මේ අරුම පුදුම ගිනි වළ බලන්න යන්න.

 
‘අපායේ දොරටුව’ ලෙස හැඳින්වෙන තැන පිහිටි දැවෙමින් තිබෙන දැවැන්ත පොළෝ කුහරයේ දාරය අසල සිටින මිනිසුන් දෙදෙනාගෙන් ඔබට එහි ප‍්‍රමාණය සිතා ගත හැකියි.

මීට අවුරුදු 41කට පෙර මෙහි කැණීම් කළ සෝවියට් භූවිද්‍යාඥයන්ගේ කැණීම් යොමු වුණේ ස්වාභාවික වායුව පිරි අඳුරු ගුහාවකටයි. එහි වූ වායුව පිට වෙන්න පටන් ගත්තා. පසුව ඒ සිදුර ලොකුවෙලා ඔවුන්ගේ කැණීම් අට්ටාලය ඇතුළට කඩා වැටුණා. එහි මීටර් 70ක වළක් සෑදුණා.

ඔවුන් සිතුවා පසුව මෙයින් විෂ වායුවක් නිකුත් වුණොත් එයින් අනතුරක් වේවි කියලා. ඒ නිසා එය පුළුස්සා හරින්නට සිතා ඊට ගිනි තිබ්බා. ඔවුන් සිතුවේ දින කීපයකින් මෙය පිළිස්සී අවසන් වේවිය කියා. ඒත් ඒක වුණේ නැහැ.

 
තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස් හී ඇති ගිනි ගෙන දැවෙන දැවැන්ත පොළෝ කුහරය මීටර් 70ක් පළලයි.

 
කරකාකුම් කාන්තාරයේ මැද පිහිටි මෙම යෝධ ආවාට විවරය තුළින් ගිනි දලූ විහිදෙන අයුරු.

 
මෙම ගින්න දැනට වසර 40කටත් වැඩි කාලයක් තිස්සේ මෙසේ දැවෙමින් තියෙනවා.

 
ස්වදේශිකයන් ‘අපායේ දොරටුව’ යනුවෙන් හඳුන්වන මේ විස්මිත විවරය ළං වී බලතොත් පෙනෙන්නේ මෙසේයි.

 
මේ ගින්න හටගත්තේ සෝවියට් භූවිද්‍යාඥයන් පිරිසක් මෙහි කැණීම් කරද්දී මතු වූ ස්වාභාවික වායු ධාරාවක් පුළුස්සා හරින්නට තැත් කළ අවස්ථාවේදියි.

 
‘අපායේ දොරටුව’ පිහිටි තැන. මෙය ඇත්තේ තුර්ක්මෙනිස්ථානයේ (Turkmenistan) කාරාකුම් කාන්තාරයේ ඩර්වේස් (Derweze) හියි.

සෝවියට් භූවිද්‍යාඥයන් පිරිස හිතුවේ මේ දැවීම දින කීපයකින් අවසන් වේවි කියලයි. ඒත් ඒක අදත් එක විදියට ම දැවෙමින් පවතිනවා.

මෙයින් නිකුත් වෙන ගිනිදැල් ඩර්වේස්හී අවට සැතැපුම් ගණනාවක් ඈතට පෙනෙනවා. මේ ඩර්වේස් ගම්මානයේ 350ක පමණ ජනගහනයක් ජීවත් වෙනවා.

මෙය පිහිටා ඇත්තේ තුර්ක්මෙනිස්ථානයේ අගනුවර වූ ඈෂ්ගැබැට්වලට උතුරින් කිලෝමීටර් 260ක් ඈතිනි.

2010 දී එරට ජනාධිපති ගුර්බැන්ගුලි බර්දිමුහමදෝ ද මෙය නැරඹීමට පැමිණ මෙය වසා දමන සේ නියෝග කළා. ඒත් තවමත් එය සිදු වන පාටක් නැහැ. තුර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වසා සිටින කාරාකුම් කාන්තාරය මැද පිහිටි එකක් නිසා වසා දැමීම ලේසියෙන් කළ හැක්කක් නොවෙයි. මේ කාන්තාරය පිහිටා ඇත්තේ කැස්පියන් මුහුදට නැගෙනහිරින්.

ඒරල් මුහුද මෙයට උතුරින් පිහිටා ඇති අතර අමු දර්යා ගංගාව හා කිසිල් කුම් කාන්තාරය ඊසාන දිගින් පිහිටා තියෙනවා.

මෙම ප‍්‍රදේශයෙහි විශාල වශයෙන් තෙල් සහ ස්වාභාවික වායු නිධි ඇතැයි සැලකෙනවා.

 
මෙය ඒ කලාපයේ හොඳ මඟ සලකුණක් වී හමාරයි. සැතැපුම් ගණනක් ඈත සිට මෙය දැකිය හැකියි.

 
මේ ගිනි වළ පෙනෙන්නේ ඒ කාන්තරය මැද ඇති රන්වන් පැහැ මිරිඟුවක් ලෙසයි.

 
1971 දී තෙල් ගවේෂණය සඳහා කළ කැණීමක දී මෙහි ඉදි කළ තාවකාලික අට්ටාලය කඩා වැටී මෙහි පතුල නොපෙනෙන දැවැන්ත සිදුරක් ඇති වුණා.


 
සෝවියට් භූ විද්‍යාඥයන් විසින් ඇති කළ මෙම සිදුර දැන් සංචාරක ආකර්ෂණයක් වෙලා. වසර 40ක් තිස්සේ මෙය දැක බලා ගන්නට පිරිස් නොකඩවා එනවා.

 
භූ විද්‍යාඥයන් මෙහි ඇති වායුව දින කීපයකින් දැවී අවසන් වෙතැයි කියායි. එහෙත් අදත් එක සේ ගිනි ගෙන දැවෙමින් තියෙනවා.

Comment Box is loading comments...


අප්‍රේල් 15 රාත්‍රි 8.00 සෙටි වෙන්න පේරාදෙනිය ගුරුකැලේදි ................................

ප්‍රධාන සංවිධායක   -   ලුතිතන්     ඒඑමිජි රූපසිංහ     (ශ්‍රිලංකා සංඥා බලකාය)

සිංහල Fonts 2040ක් උණු උණුවේ.| Sinhala Fonts 2040 Collection Free Download ඔන්න අදත් මම සිංහල Fonts ගොඩක් ගෙනවා.සමහර අය Fonts හොයන්න ගියම පුදුම කට්ටක් කනවනේ. ඔන්න එ නිසා අද මම පට්ට කට්ටකල මේටික දෙනවා.මේතන සිංහල Fonts 2040 තියනවා.කැමති අයට 2040 ගන්න පුලුවන් වගෙම.2040 කැමති ටික විතරක් තොරල ගන්න මම මේ Fonts 2040යම Mediafire අප්ලොඩ් කරලා තියනවා. එක එක ඔනි අය පහලි දි තිබේන Media Fire ලින්ක් එක වේත යන්න. 

Media Fire




Tuesday, January 21, 2014

Windows 8.1 ක්‍රැක් එකත් එක්කම නොමිලෙම අරගන්න.

කොහොමද යාලුවනේ,ඔන්න මම අද ගෙනාවේ OS එකක්.ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක්.මේක නිකම්ම නිකම් OS එකක් නෙවෙයි.Microsoft සමාගමේ දැනට තියන අලුත්ම OS එක.මේ බ්ලොග් එක කියවන සහෝදරයෙක් ඇහුව Windows 8.1 දෙන්න පුලුවන්ද කියල .ඉතින් මට එක ටික දවසකට කලින් ලැබුන.ඉතින් මම හිතුව එක බ්ලොග් එකට දාන්න ඕනේ කියල.Microsoft සමාගමේ අලුත්ම OS එක තමා Windows 8.මම අද දෙන එකට Windows 8 දෙවැනි සංස්කරණය කියලත් කියනවා.මේකේ කෝඩ් නේම් එක Windows Blue(Windows 8.1) .මේක Windows 8 එකේ තියන ගුණාංග වැඩිදියුණු කරලා අපු OS එකක්. මේකේ අලුත්ම අලුත් ගුණාංග ගොඩක් තියනවා.

Start Button
ගොඩක් අයට ප්‍රශ්නයක් උනේ windows 8 වල ස්ටාට් බට්න් එකක් නැති එක.ඒ නිසා ගොඩක් windows 8 ස්ථාපනය කරගෙන ඉන්න අය අපගසුතවයට පත් උනා.

ඩෙක්ස්ටොප් එක
කලින් අපු සාමාන්‍ය windows 8 එකේ තියෙන්නේ මෙහෙයුම් පද්ධතියට පිවිසුන ගමන් එන්නේ ස්ටාර්ට් මෙනු එකනේ.ඩෙක්ස්ටොප් එකට යන්න ඕනෙනම් එකේ තියන apps වලින් ඩෙක්ස්ටොප් එක හොයල නේ ඩෙක්ස්ටොප් එකට යන්න ඕනේ.මේකේ එහෙම නැ.මේකේ බූට් වෙලා එහෙම කෙලින්ම යන්නේ ඩෙක්ස්ටොප් එකට.

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 11
windows 8 බ්ලුඑ එකේ තියෙන්නේ නවතම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 11 වෙබ් බ්‍රවුසරය.එකත් ලස්ස්සන කරලා වෙනස්කම් කීපයක් කරලා තියෙන්නේ.

නවතම ඇප්ස් වර්ග 
windows 8 එක්ක නොමිලේ කොහොමත් apps ගණනක් දෙනවා.අපට ඕනේ කියල හිතන අනෙක් apps වෙන වෙනම app store එකෙන් අරගන්න ඕනේ.එහෙත් windows 8.1 න් තවත් අලුත් ඇප්ස් ගොඩක් ලබා දෙනවා.

අනික තමයි නෝමල් 8 එකේ ස්ටාර්ට් මෙනු එකට දාන්න පුළුවන් පෙනුම අපට තෝරගන්න තියෙන්නේ.එත් එකෙතියන පාට වර්ග එහෙම බොහොම සීමිතයි 8.1 එකේ ඒ වගේ මෝස්‌තර ගොඩක් තියනවා. 

ඉතින් ඔයත් අරගෙනම බලන්න හොදද කියල.මේක Download කරගෙන DVD එකකට රයිට් කරගත්තහම ඉතින් ගොඩම තමා. මේකේ ක්‍රැක් එකත් දෙන්නම්.

පහල තියන ෆොටෝ ටිකත් බලලම ඉන්නකෝ







මේක නම් මෙතනට ඕනේ නැ.එත් ඔයාල දැනගත්තොත් හොඳයි කියල තිතුව.මෙයා ගැන දන්නා අයත් ඇති මම මේක දැම්මේ දන්නේ නැති අයට දැනගන්න.

මේ ඉන්නේ ජුල් ලාසන් ග්‍රීන් ,මෙයා තමයි Microsoft සමාගමේ වින්ඩෝස් භාර ප්‍රධානියා.



මේක ඇක්ටිව් කරන්න ක්‍රැක් එකක් ඕනේ කරනවා ඇක්ටිව් කරන්න ඕනේ නිසා එකත් පහලින් අරගන්න අරගන්න ඕනේ.

ඔන්න දැන් පටන් ගන්නේ ක්‍රැක් එකේ වැඩ කොටස....
වැඩ කොටස කිව්වට කරන්න තියෙන්නේ මේ මම දෙන ක්‍රැක් එක අරගෙන,ඉන්ස්ට්‍රෝල්කරන එක විතරයි.ඊට පස්සේ Restart වෙනකන් ඉන්න ඕනේ.on උනාට පස්සේ ඇක්ටිව් වෙලා තියෙයි.ඔයටික තම කොරන්න තියෙන්නේ.
ඔන්න  එහෙනම් පිළිවෙලට තියනවා.



මේකෙන් ඇක්ටිව් කරන හැටි notepad එකක ලියල තියනවා.එකේ කියල තියන විදියට කරන්න

ආ මේක දානකොට මගදී key එකක් ඉල්ලනවා එකට මේක දෙන්න.


NTTX3-RV7VB-T7X7F-WQYYY-9Y92F

ඔන්න ඔක්කොම වැඩ ok.දැන් තියෙන්නේ මට යන්න.මෙච්චර වටින දෙයක් දීලත් සලකන්නේ නැතුව යන එක හරි නැනේ.like එකකුත් දාලම යන්න.ඔන්න එහෙනම් මම යනවා....




Comment Box is loading comments...

Monday, January 20, 2014

ඉතාම වැදගත් ඉලෙක්ට්‍රොනික් පොත් හතරක්ම ඔයාලට


සිංහල කොල්ලා

ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් කියන්නෙ අද නෙතුවම බැරි දෙයක් වගේම බොහොමයක් තැන්වල කතාබහ වන මාතෘකාවක්.විශාල කර්මාන්තශාලා වල රොබෝල,විවිධ යන්ත්‍ර ස්ව‍යංක්‍රීයව වැඩ කරව ගන්න මෙන්න මේ විශය බොහේ උපකාරී වනවා.ඉතින් ඔයාලගෙ දැණුම මට්ටම වඩාත් දි‍යුණු කරවාලන්න මම අද ළිපියෙන් මේ ගැන සරල සිංහලෙන් ලියැවුනු PDF පොත් හතරක් ලබාදෙනවා.පහලින් එය ලබාගන්න.

http://docdroid.net/8c4b
http://docdroid.net/8c4c
http://docdroid.net/8c4e

http://docdroid.net/8c4h

Comment Box is loading comments...


ඔයා අලුතෙන් Android phone එකක් Tab එකක් ගන්න ඉන්නවද ? නැත්තම් ඔයාලග තියෙන්න Android Device එක කොහොමද කියලා බලා ගන්න හොදම විදිය

 පහත code ගහලා බලන්න

මූලික Codes

*#*#7780#*#* -
මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ඉවත් වනු ඇත.

*2767*3855# -
දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settings ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

*#*#4636#*#* -
දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

*#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup
කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* -
විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

*#*#7594#*#* - "End call / Power" button
එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

*#*#8255#*#* - G Talk Service Monitor launch
කිරීමට භාවිතා කරයි.

*#*#34971539#*#* - camera
එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.

W-LAN, GPS සහ Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address
එක පෙන්වයි

*#*#1472365#*#* - GPS test
එකක්.

*#*#1575#*#* -
තවත් GPS test එකක්.

*#*#232331#*#* - Bluetooth test
එකක්.

*#*#232337#*# - Bluetooth device address
එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version
එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version
එක.


Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.

මීට අමතරව ඔබ දන්න වෙනත් code තියෙනම් පහතින් දාන්න ඔබට පුලුවන් !