විදුලි සංදේශය
විදුලි
සංදේශනය යනු සන්නිවේදනය සඳහා යම් කිසි දුරකට සංඥා සම්ප්‍රේෂණයයි. මුල්
කාලයේ දී මෙයට දුම් සංඥා භාවිතය, බෙර, ධජ සංඥා,ඡායා චිත්‍ර ඇතුළත් විය.
නූතන කාලයේ දී විදුලි සංදේශනයට දුරකථන, රූපවාහිනී, ගුවන් විදුලි හා පරිගණක
වැනි ඉලෙක්ට්‍රෝනික සම්ප්‍රේෂක භාවිතය ඇතුළත් වේ. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ
මුල් කාලීන හඳුන්වා දෙන්නන් අතරට ඇන්ටෝනියෝ මියුසි, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්
බෙල්, ගුග්ලි එල්මෝ මාර්කෝනි හා ජෝන් ලොගී බෙයාර්ඩ් ඇතුලත් වේ. විදුලි
සංදේශ ලෝක ආර්ථිකයේ වැදගත් කොටසක් වන අතර දළ ලෝක නිෂ්පාදිතයෙන් 3%කට වඩා
මඳක් අඩුවෙන් විදුලි සංදේශ කර්මාන්තයේ ආදායම පවතී.
පටුන
මූලික සංකල්ප
ටෙලිකොමිනිකේෂන් නාමය ඇතිවූ අයුරු
ටෙලිකොමිනිකේෂන් යන වදන télécommunication යන ප්‍රංශ වදනෙන් උපුටා ගෙන
ඇත. එහි අරුත දුර යන්න හඟවන Tele යන ග්‍රීක වදනින් හා බෙදා ගැනීම යන්න හඟවන
communicare යන ලතින් වදනින් සමන්විත වේ. télécommunication යන ප්‍රංශ වදන
1904 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවකු හා නවකතාකරුවෙකු වූ එඩෝර්ඩ් එස්ටවුනි
විසින් හඳුන්වා දෙන ලදී.
විදුලි සංදේශ පද්ධතියක මූලික අවයව
විදුලි සංදේශ පද්ධතියක් මූලික අවයව 3කින් සමන්විත වේ.
- තොරතුරු ලබා ගෙන ඒවා සංඥා බවට හරවන සම්ප්‍රේෂකය
- සංඥාව ගෙන යන සම්ප්‍රේෂක මාධ්‍යය හා
- සංඥාව ලබා ගෙන එය නැවතත් ප්‍රයෝජනයට ගත හැකි තොරතුරු බවට හරවන ආදායකය යනු ඒවාය.
උදාහරණයක් ලෙස ගුවන් විදුලි විකාශනයේ දී විකාශන කුළුණ සම්ප්‍රේෂකය වන
අතර නිදහස් අවකාශය සම්ප්‍රේෂණ මාධ්‍ය වේ. ගුවන් විදුලිය ආදායකයයි. බොහෝ විට
විදුලි සංදේශ පද්ධති එකම උපකරණය සම්ප්‍රේෂකය හා ආදායකය ලෙස කටයුතු කරන
දෙමං පද්ධතියක් වේ. උදාහරණ ලෙස ජංගම දුරකතන දැක්විය හැකිය.
දුරකතන මාර්ගයක් වන විදුලි සංදේශනය තැනකින් තැනකට වූ සන්නිවේදනයක් ලෙස
හැඳින්වේ. මෙයට හේතුව එය එක් සම්ප්‍රේෂකයක් හා එක් ආදායකයක් අතර සිදු
වීමයි. ගුවන් විදුලි විකාශනයක් හරහා වන විදුලි සංදේශනය විකාශන සන්නිවේදනය
ලෙස හැඳින්වේ. එයට හේතුව එහිදී සන්නිවේදනය සිදු වන්නේ අධි බල සම්ප්‍රේෂකයක්
හා විශාල ආදායක සංඛ්‍යාවක් අතර වීමයි.
සැකසුම - සිංහල කොල්ලා
උපැටා ගැනීම - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය
No comments:
Post a Comment