මොකක්ද මේ "Google Glass" කියන්නේ?
Google සමාගමේ නවතම නිපැයුම වෙන (Google
Glass) ගැන ඔබ දැනුවත්ද. එහි තිබෙන තාක්ෂණය පිළිබඳව ඔබට සිතා ගැනීමට පවා
නොහැකි වෙනවා. එය එතරම්ම විශ්මය ජනකයි. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කිරීමට
බලාපොරොත්තු වෙන්නේ google සමාගමේ එම අද්විතීය නව නිපැයුම පිළිබඳවයි.
Google සමාගමේ ව්‍යාපෘති වැඩසටහනක් මගින්
කාලයක් තිස්සේ පරීක්ෂණ පවත්වනු ලැබුවා මිනිසාට තමන්ගේ අත භාවිතා නොකරමින්
පරිශීලනය කිරීමට හැකියාව තිබෙන පැලඳීමට පුළුවන් පරිගනකයක් නිර්මාණය කිරීම
පිළිබඳව. ඔවුන්ගේ එම පරීක්ෂණය මේ වන වීට සාර්ථක එකක් බවට පත් වී තිබෙනවා.
ඔවුන් එම උපකරණය ( Google Glass) නමින් නම් කර තිබෙනවා.
Google Glass හී පෙනුම සාමාන්‍ය ඇස්
කන්නාඩි යුගලකට සමාන වෙනවා. නමුත් එහි රාමු වලට සවි වුනු කාචයන් දකින්නට
නැහැ. එහි එක් ඇසකට පමණක් සරි ලන සේ නිර්මාණය කරන ලද Smartphone එකක තීරයකට
සමාන කල හැකි කුඩා තිරයක් තිබෙනවා. තවද ඔබේ ස්වභාවික කටහඬ භාවිතා කරමින්
විධානයන් ( Voice Command ) ලබා දීමට ඔබට හැකියාව තිබෙනවා. ඒවගේම Blutooth,
WiFi සම්බන්ධතාවයන්ද ඒ සඳහා ඇතුලත් කොට තිබෙනවා. වැදගත්ම දෙය තමයි ඔබ අප
කවුරුත් දන්නා Android මෙහෙයුම් පද්දතියෙන් මෙම උපකරණය බල ගැන්වෙනවා.
"Google Glass" මගින් කරගන්න පුළුවන් දේවල්
ඔබ යා යුතු තැනට මග පෙන්වන දිශාව ඔබ ඉදිරියේම
ඔබේ හිතේ තිබෙන ඕනෑම දෙයක් පිළිබඳව විමසන්න
ඔබ පවසන දෙය ක්ෂණිකව වෙනත් භාෂාවන්ට පරිවර්තනය කරගන්න
මේ ඉහතින් සඳහන් කරේ එයින් කරගැනීමට හැකියාව තිබෙන දේවල් කිහිපයක් පමණයි. මීට අමතරව කරගැනීමට පුළුවන් බොහොමයක් දේවල් තිබෙනවා.





No comments:
Post a Comment